ඔයාලා කැමතිද කාගෙන් හරි ගුටි කන්න?ඔන්න මම නම් පොඩ්ඩක්වත් එකට කැමති නැ.මම හිතනවා ඔයාලත් ඒකට කැමති නැතුව ඇති කියල.දැන් ඔයාලා හිතනවා ඇති මම මේ ගුටි කන කතා ගැන මොකද කියන්නේ කියල.මම එහෙම දෙයක් ගැන මුලින්ම කතා කලේ පොඩි හේතුවක් නිසා.මොකක්ද දන්නවද පොඩි හේතුව?මම අද ඔයාලව ජපානයට එක්කගෙන යනවා කරාටේ කියල දෙන්න.එහෙ ගියාම අපිට ඉතින් වෙනත් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්.සේරටම කලින් අපි ගුටි නොකා බේරෙන විදිහක් ගැන ඉගෙන ගමුකො.අහ්හ් !! ෆ්ලයිට් එක තියෙන්නේ තව විනාඩි 30 කින්.එන්න මාත් එක්ක.ඔයාලා එක්ක කතා කර කර ඉඳල ප්ලේන් එක යනකල්ම දන්නේ නෑ තව පොඩ්ඩෙන්.හරි යන්තම් එයාපෝර්ට් එකට අවා.
::::::::::::::::::::::::::ජපානයේදී::::::::::::::::::::::::::::
ශා....... ගමන නම් මාර ජොලියි.ඒක නෙවෙයි , දැන් එන්න මාත් එක්ක යමු මාස්ටර් ඔයාමා හම්බවෙන්න.එන්න යමු.දැන් අපි ඇවිත් ඉන්නේ මාස්ටර් ඔයාමා පුහුණුවීම් කරන තැනට.දැන් මාස්ටර් ආවම කවුරුත් ඔෂ් කියල එයාට අචාර කරන්න ඕනේ තේරුනාද ?

(මාස්ටර් ඔයාමා)
:::::::::::::::::මාස්ටර් ඔයාමා සමග සංවාදයක් ::::::::::::::::::
මම : ඔෂ්........!!! මම ශ්‍රී ලංකාවෙන් ශානිකා.මේ ඉන්නේ මගේ යාලුවෝ ටික.මාස්ටර් පුහුණුවීම් කරන හැටි බලන්න තමයි අපි අවේ.මාස්ටර්ට කරදරයක් නැත්නම් අපිට කරාටේ ඉතිහාසය ගැන ටිකක් කියල දෙන්න.
මාස්ටර් ඔයාමා :ඔෂ්.......!!! ඔයාලාගේ පැමිණීමට ගොඩාක් ස්තුතියි.මම ඒක ගොඩාක් අගයනවා.අපි ඇතුලට ගිහින් වාඩිවෙලාම කතාකරමුකෝ.එන්න ඇතුලට වාඩිවෙන්න.හරි මම කියල දෙන්නම් මේ කරාටේ ශිල්පීය ඉතිහාසය ගැන.
මේ කරාටේ ශිල්පයේ උපත සිදුවන්නේ ජපානයේ ඔකිනාවා කියන දූපතේ .චීනයෙන් ඔකිනාවා දූපතට සංක්‍රමනය වුවන් විසින් කුන්ෆු හා වෙනත් චීන සටන් ක්‍රම ඔකිනාවා දිවයිනේ වැසියන්ට කියලා දීල තිබුනා .එම චීන සටන් ක්‍රම සහ වෙනත් දේශීය සටන් කලාවේ මුසුවක් ලෙස ඔකිනාවා ටේ කියන සටන් ක්‍රමය බිහිවුනා.ඔකිනාව දිවයිනෙන් ජපානයේ අනිත් ප්‍රදේශ වලට සංක්‍රමනය වූ මේ සටන් ශිල්පය ජපන් බසින් කරාතේ කා යනුවෙන් හැදින්න්වුව.මෙහි තේරුම හිස් අතින් පහර දෙන්නා යන්නයි.මෙය මුල්වරට ප්‍රසිද්දියේ ජපානයේ හඳුන්වා දෙනු ලැබුවේ 1921 .

( මාස්ටර් ගිෂින් ෆුනකොෂි)
කරාටේ ශිල්පය හඳුන්වා දීමට මුලික වූ ගිෂින් ෆුනාකොෂි ගුරුතුමා 1936 දී කරාටේ සම්මේලනයක් කැඳවා එම ශිල්පයේ දේශීය අනන්‍යතාවය පෙන්විය යුතුයි කියා යෝජනා කලා.ඒ අනුව ජපානයේ හෙළිදරව් කල නව සටන් කලාවට කරාටේ යන නම බාවිතා කල යුතුයි යන යෝජනාව සම්මත වුනා.තව ජිගාරෝ කානෝ ගුරුතුමා විසින් හඳුන්වා දුන් පටි අනුව ශ්‍රේණිගත කිරීමේ ක්රමයද මේ ශිල්පයට එක්වුනා.

(මාස්ටර් ජිගාරෝ කානෝ)
කල්යත්ම කරාටේ ශිල්පය ජපානයේ ජනප්‍රියතම ක්‍රීඩාවක් බවට පත වුනා.ජාතික මට්ටමින් ද ප්‍රාදේශීය මට්ටමින්ද විවිද තරගවලින් සංවිදානය කෙරුණා.ප්‍රතිවාදිය මිය යන තුරුම පහර දෙන සටන් ශිල්පීන් එකල විරල වුනේ නෑ.මම දැන් කියල දෙන්නම් කරාටේ ශෛයිලීන් ගැන.
::::::::::::::::::මුලික පෞරාණික ශෛයිලීන්::::::::::::::::::
කරාටේ ශිල්පය බිහිවීමට හේතු වූ ඔකිනාවා ටේ ශෛයිලියයි.මේ සටන් ක්‍රමය අද ද ආරක්ෂිතව පවතී.ඔකිනාවා ටේ ශෛලිය හා කුන්ෆු සටන් ක්‍රම සංකලනය කිරීමෙන් සොකොන් මට්සුමුරා විසින් 19 වන සියවස මුල් භාගයේදී ශෝරින් රයු ශෛලිය හඳුන්වා දෙනු ලැබීය.
( මාස්ටර් සොකොන් මට්සුරා)
(ශෝරින් රයු ක්රමයේ නිල ලාංචනය)
::::::::::::::::::සම්ප්‍රදායික ශෛලීන්:::::::::::::::::::
කරාටේ ශිල්පය හඳුන්වා දෙනු ලැබූ 1921 වර්ෂයේ සිට දෙවැනි ලෝක යුද්දය දක්වා බිහිවූ ශෛලින් මෙනමින් හඳුන්වනු ලැබේ .සම්ප්‍රදායික ශෛලීන් හිදී පහරෙහි තාක්ෂනය ගැන වැඩි අවදානයක් යොමු කරනු ලැබෙනවා.නිවැරදි ඉරියව්,නිවැරදි තාක්ෂණ ක්‍රමවලට තරගාවලීන් හිදී වැඩි ලකුණු ලැබෙනවා.
:::::::::::::::::තදින් පහර දීමේ ශෛලීන්:::::::::::::::::::
මුල්වරට මට්සුසු ඔයාමා ඒ කියන්නේ මම තදින් පහර දීමේ ශෛලීන් හඳුන්වා දෙනු ලැබුවා.පහරෙහි නිර්වද්යතවයට වැඩ එහි බලය ගැන මෙහිදී අවදානය යොමු කරනු ලැබෙනවා.මුහුණට මුහුණලා කරන සටන් වලදී ප්‍රතිවාදියා අකර්මන්‍ය වන තුරුම පහර දිය යුතුය යන්න තදින් පහර දීමේ ක්‍රමයට අදාළ මුලික රීතියකි.ඔයාමා (මම)අනුව ගිය බොහෝ අය පසුකාලීනව කරාටේ ගුරුවරු තදින් පහර දීමේ ක්‍රම තවත් වැඩි දියුණු කලා.
:::::::::කරාටේ ක්රමයේ මුලික අධ්‍යන විදි තමයි මේ ::::::::::::::
කිහොන් - තාක්ෂණික විදි හා ශිල්පිය ක්‍රම.
කාටා - සැලසුම්ගත සටන් ක්‍රමය.
කුමිතේ - ද්වන්ධ සටන් ක්‍රමය .
කොබුදෝ - කෙටි අවි සටන් ක්‍රමය .
::::::::::කරාටේ ක්රමයේ අධ්‍යන ඉලක්ක තමයි මේ :::::::::::
1. නිවැරදි ඉලක්කයට පහර දීම.
2.නිවැරදි තාක්ෂනය භාවිත කිරීම.
3. වේගය ලබා ගැනීම.
4. පහරේ බලය වැඩි කිරීම
5. නිවැරදි ඉරියව් භාවිතය.

කරාටේ ක්‍රීඩාවේදී අපි අඳින නිල ඇඳුම තමයි මේ තියෙන්නේ.මේ නිල ඇඳුම ඇඳීමට වෙනම ක්‍රමයක් උපයෝගී කරගන්නවා.ඒවගේම නිල ඇඳුම සමග ඇඳින බෙල්ට් එක ගැටගැසීමටම අවේනික වූ ගැට වර්ගයකුත් තිබෙනවා.එඅකරයෙන් මෙම නිල ඇඳුම ඇඳිය යුතු වෙනවා.
::::::::::::::කරාටේ ශිල්පයේ භාවිතය ::::::::::::::
ක්‍රීඩාවක් ලෙස දැනට කරාටේ ශිල්පය වැඩිම ප්‍රසිද්දියක් උසුලන්නේ තරග කාරී ක්‍රීඩාවක් හැටියටයි.මෙහිදී එක එක අංශ වලින් වෙන් වෙන්ව තරග ඉසව් පැවැත්වෙනවා .ඒවා තමයි
කාටා - සැලසුම්ගත සටන්
මේ සඳහා අදාල ශිපිය ක්‍රම වල නිරවද්‍යතාවය ,නිවැරදි ශෛයිලිය ,නිවැරදි කාලය යන ප්‍රධාන නිර්ණායක ඇතුළුව අංශ කිහිපයකින් ලකුණු ලබා දෙනවා.
කුමිතේ -ද්වන්ධ සටන්
සම්ප්‍රදායික තරංග සටන් වලදී පහරේ නිර්වද්යතවයට, තාක්ෂණික හැකියාවට ,පහර වැළක්වීමේ හැකියාව යනාදී දේවල් සලක බල ලකුණු හිමි කර දෙනු ලැබෙනවා.නිශ්චිත කාලයක් තුලදී වැඩිම ලකුණු ලැබූ අය ජයග්‍රහකයා ලෙස නම කරනවා.තදින් පහරදීමේ සටන් තරඟවලදී ප්‍රතිවාදිය ආක්‍රමණය කල අයද ජයග්‍රාහකයා ලෙස සැලකෙනවා.
කොබුදෝ -කෙටි අවි සටන්
මෙහිදී කාටා වලදී ලකුණු දුන් ආකාරයටම ලකුණු ප්රදානය කරනු ලැබෙනවා.සාමාන්යෙන් කරාටේ ශිල්පයේදී අවි සහිත ද්වන්ධ තරංග පවත්වන්නේ නැහැ.
සටන් ක්‍රමයක් ලෙස
මුල් ඔකිනවියානු සටන් ශෛලිය සැබවින්ම ආත්මාරක්ෂක සටන් ක්රමයකි.අනෙකුත් සියලුම කරාටේ ශෛලීන්ද ආත්මාරක්ෂක සටන් ක්‍රම ගනයේ ලා සැලකිය හැකිය.
ආරක්ෂක හමුදාවල භාවිතයට
ප්‍රතිවාදීන් මෙල්ල කිරීමේ ක්‍රමයක් ලෙස ලෝකයේ බොහෝ රටවල පොලිස් හා හමුදා භටයන්ගේ භාවිතය සඳහා කරාටේ ක්‍රීඩාව උගන්වනු ලැබේ.පළමු වරට දෙවන ලෝක යුද්දයේදී හිස අත් සටන් ක්‍රමයක් ලෙස මෙම ශිල්පය භාවිත කරලා තියනවා.
කරාටේ ශෛලින් වර්ගීකරණය
ජාත්‍යන්තර ශෛලින් - රටවල් රාශියක ව්‍යාප්තව ඇති ශාඛා සංගම් සහිත ශෛලින් ජාත්‍යන්තර ශෛලින් ලෙස නම කරන්න පුළුවන්.ශෝටෝකාන් , ශෝරින් රයු , වදෝ රයු මීට උදාහරණ වෙනවා.
සම්මත ශෛලින් -ජපාන කරාටේ සංවිදානය මගින් පිලිගත ශෛලින් මේ ගණයට වැටේ.වදෝ රයු ,ගොජු කායි වැනි සම්ප්‍රදායික ශෛලින් ජපාන කරාටේ සංවිදානය මගින් පිළිගෙන ඇති අතර සම්ප්රදාය ඉක්මවා යන තදින් පහර දෙන ක්‍රමවලට පිළිගැනීමක් ලබා දීමට මැලිවීම සාමාන්‍ය සිරිතකි.
ප්‍රදේශීය ශෛලින් - ප්‍රදෙශියව පමණක් වයප්තව පවතින ,විවිධ ආකාරයේ කරාටේ ශෛලින් මේ නමින් හැඳින්වේ.ප්‍රාදේශීය ශෛලින් පුහුණු වන්නන්ට ජාත්‍යන්තර තලයේ කරාටේ ශිල්පියකු වීමට වැඩි වෙහෙසක් ගැනීමට සිදුවේ.
ප්‍රධාන කරාටේ ශෛලින්
ගොජු රයු - ගොජු රයු යන ජපන් වදනේ තේරුම රළු හා මෘදු යන්නයි.රළු හා මෘදු ක්‍රමයට පහර දීමේදී මෘදු ක්‍රමයට පහර වලක්වනු ලැබේ.මෙය පළමුවරට හඳුන්වා දී ඇත්තේ මාස්ටර් අනිචි මියාගි වේ .
ශෝටෝකාන් - කරාටේ මුල්ගුරුතුමා වන ගිෂින් ෆුනාකෝශි විසින් මෙය 1917 දී හඳුන්වා දී ඇත .සිරිර තුල ඇති බලය හරට එක් කිරීම සඳහා ඉඟටිය කරකවා පහර දීමට ශෝටෝකන් ශෛලියේදී හුරු කරයි.මෙහි කවාකාර පහර දීම අඩුය.
වදෝ රයු - අනිත් කරාටේ ශෛලින්ට වැඩ වෙනස් මගක ගත නම්‍යශීලී සටන් ක්රමයකි.මෙහිදී අනිත් ශෛලින් හිදී මෙන්ම සිරුරේ ශක්තිය ගැන අදික විශ්වාසයක් තබනු නොලැබේ.මෙය දුර්වල ශරීර ඇති අයටද උචිතය.ඔට්සුක හිනොරෝරි විසින් 1959 දී මෙය හඳුන්වා දී ඇත.
ශිතෝ රයු - නහතේ හා සුරි තේ යන ශිල්ප දෙක ප්‍රගුණ කල මාස්ටර් මවුනි විසින් මෙය හඳුන්වා දී ඇත.සෘජු පහර දීම් හා සරල ඉරියව් බහුල මේ ශෛලියේදී ඔකිනවියානු අවි සටන් ක්‍රම ද හුරු කරයි.
කියෝ කුෂින් කායි කාන් -සම්පුර්ණ සත්‍ය කරාටේ නමින් හඳුන්වන මේ ශෛලිය මාස්ටර් මට්සුසු ඔයාමා විසින් හඳුන්වා දෙනු ලැබිය.මෙය සම්ප්‍රදායික කරාටේ සහ චයිනීස් කෙම්පෝ සටන් ක්‍රම වල සංකලනයක් වෙනවා.සිරුර ශක්තිමත් කිරීමට හා පහරේ බලය වැඩි කිරීමට මෙහිදී වැඩි තැනක් දෙනු ලබයි.තදින් පහර දීමේ ක්‍රමය මුල් වරට හඳුන්වා දුන්නේ කියෝ කුෂි තායි කාන් ක්‍රමයෙනි.මෙහි එන පහරදීම් කොතෙක් බලවත්ද යත් එක පහරක් හරි ඉලක්කයට වැදීමතරඟය නිම කිරීමට බොහෝ හේතු වෙයි.
කරාටේ ක්‍රීඩාවේදී පමණක් නෙවෙයි ඕනෑම සටන් කලාවකදී අපට හමුවන නිල ස්ථාන තමයි මම දැන් කියන්න හදන්නේ.
පහරක් වැදුනහොත් මරණයට පත වෙන නිල ස්ථාන තමයි මේ.
හිස් මුදුන
නළල මැද
ගෙල පතුල
පපුවේ වල ගැසුන තැන
නාභිය යට
අන්ඩ කෝෂ
උකුණු වල
කොඳු ඇට පෙළ මත
කොඳු ඇට පෙළ මැද
කොඳු ඇට පෙළ අග
කන පිටුපස
බෙල්ලේ දෙපස
කිහිල්ල යට
අවසාන ඉල ඇට දෙක
උගුරු දණ්ඩ
සිහසුන් කරවන නිල ස්ථාන
හිස්මුදුන
නළල මැද
හකු ඇටය
දෙබැම් යට
උඩු අසිබැම
ඇස්
උඩුතොල මැද
නිකට පපු ඇටය
යටි බඩ
කලවය ඉහල ඇතුළු පැත්තේ කෙලවර
පිටිපත්ලේ මැද
පපු ඇටය
දණහිස ඇටයේ මුදුන
පීඩාවට පත කරන නිල ස්ථාන
කම්මුල් ඇටය
නාස් ඇටය
දෙතොල් මත
දණහිස පිටුපස
මේවා ටමි මට කරාටේ ක්‍රීඩවේ ඉතිහාසය විදිහට කියන්න තියෙන්නේ.ඉතින් දෑන් මේ විස්ටර වලට අනුව තමයි අපි කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කරන්නේ.මෙම ක්‍රීඩාව හොඳටම ප්‍රගුණ කරන්න නම් හොඳ පුහුණුවක් අත්‍යවශයි.මම දවසට පැය 6 ක් හෝ 8 ක් මෙහි පුහුණු වීම් වලකා නිරත වෙනවා.
මම :මාස්ටර් ඔයමට ගොඩක් ස්තුතියි අපිට මේ ගැන කරුණු පහදලා දුන්නට.මගේ යාලුවනේ ඔයාලට මේ කියපු කරුණු තේරුණා නේද?
එහෙනම් අපි අනිත් blog ඒකෙන ජපානයේ අනිත් විස්තර එක්ක හම්බ වෙමුකෝ.එහෙනම් මාස්ටර් අපි යනවා.
ඔෂ් ...........!!!!


good 1 shaniya......keep it up....two thumbs up for ur blog
ReplyDelete-Akki-
අම්මෝ බයෙත් බෑ...Karate Kid!!!..:D:D
ReplyDeleteවැඩේ නම් නියමයි!!..nice one...great effort!!
In ur first blog u show ur creativity in a very
attractive manner while sharing ur knowledge with us.
keep doing it nangi!
well done!
ඔෂ්..!!
බය වෙන්න එපා අනේ !
ReplyDeleteමම ඔයාලට ගහන්නේ නෑ නේ
හි....හි...
මම තව blog එකක් හදනව.එකත් හොඳද බලන්නකකෝ.thank you very much මගේ අක්කියෝ.thanks a lot චිරාන් අයියා.
චිරාන් අයියා ඔන්න එහෙනම් මමත් ඔෂ් කිව්වා
ඔෂ් ඔෂ් .........
නියමයි සහෝ දිගටම ලියමු අනික ගොඩක් සතුටුයි ඔයා මාතර කෙනේක් වීම ගැන. සටන් ක්‍රම ගැන සිංහලෙන් තියන අඩවි හරිම අඩුයි. රූප සටහනුත් තව එකතු කරන්න පුලුවන් නම් ගොක් වටිනවා. හැබැයි ලියපු ටික නම් හරිම ලස්සනට ලියලා තියනවා ඉතින් ජයවේවා කියලා පතලා තව ලියන්න කියලත් කියනවා..
ReplyDeleteGodak ThnankzZ Dilnuwan aiya mage Blog 1 baluwata..mama thawath 4tos attach karala aluth blog ekak karanda hithagena innawa....thx for congratulate aiya..Thx a lot..:)
DeleteEla ela
ReplyDeleteමම ගොඩක් කැමතියි සටන් ක්‍රම ඉගෙන ගන්න.ඒත් මං දැකපු බලවත්ම සටන් ශිල්පය අපේ රටේ අංගම්පොර සටන් ශිල්පය...
ReplyDeleteඒ සදහා දක්ෂතම ප්රවීණතම ගුරුවරයකු තමයි කරුණාපාල ගුරුතුමා. 077 074 60 68
Delete